May 10, 2020

ලිසිං කොම්පැනි මහ බැංකු නීතියෙන් පිට පැනලා?: ලීසිං සහන අසහන වෙයි Featured

ලීසිං ආයතන මගින් ලබා ගෙන ඇති භාණ්ඩ හා වාහන සඳහා මාර්තු මාසයේ සිට මාස හයක් සඳහා ණය වාරික අයකිරීම කල්දමන ලෙසට මුදල් අමාත්‍යංශය දැණුම් දී තිබියදී එම මාස හයේ වාරික මුදල් ගෙවීමට ඇති ඉතිරි මාසවල ණය වාරික සඳහා එකතු කිරීමෙන් මෙතෙක් ගෙවීමට තිබූ ණය වාරික මුදල දෙගුණ වී ඇති බව ණය හිමියෝ පවසති.

ඒ අනුව මෙතෙක් ගෙවූ ණය වාරිකය අගෝස්තු මාසයේ සිට වැඩිවීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව ඔවුහු පවසති.

ණය ගෙවුම් ගිවිසුම් කාලය දිර්ඝ කරනුවෙනුවට වාරික අයනොකරන මාස හයට දඩමුදලක් සමග ගෙවීමට ඇති ඉතිරි ණය වාරිකවලට එම මුදල්ද එකතු කිරීමෙන් සිදුවන්නේ තමන් තවදුරටත් අසරණ කිරීම බව ඔවුන් පවසයි.

සහන දෙන්න අලුත් ආණ්ඩුව එනකං ඉන්න - සොහාන්

මේ අතර අදාළ ගැටලුවට සහන සැපයීමට නව ආණ්ඩුවක් බලයට පත්වන ලෙස සිටින්නැයි මේ සම්බන්ධයෙන් හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය සෙහාන් සේමසිංහ මහතා මාධ්‍යට පවසා තිබේ.

එතෙක් මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ඔහු පවසා තිබේ.

එරියස් නම් පහසුකම් නෑ

මේ අතර, ලීසිං ගෙවීම්වල හිඟ ඇති අය සඳහා ද අදාළ සහනය ලබා නොදීමට ඇතැම් ලීසිං සමාගම් කටයුතු කර ඇති බවට ද ණය හිමියෝ පවසති.

මේ සම්බන්ධයෙන් අප ප්‍රධාන පෙලේ බැංකුවක ලීසිං අංශයේ ප්‍රධානියකුගෙන් කළ විමසීමකදී ඔහු අනාවරණය කරනු ලැබුවේ මෙරට ලීසිං පහසුකම් ලබා ගෙන ඇති පිරිස අතරින් ලීසිං නිසි වේලාවට ගෙවීම් සිදු කරනු ලබන්නේ 27%ක් පමණ පිරිසක් බවයි. සෙසු 73% ක පිරිස හිඟ සහිතව ඒවා පවත්වාගෙන යනු ලබන බවයි.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ආණ්ඩුව මහ බැංකුව මෙන්ම ලීසිං සමාගම්ද දැඩි ලෙස විවේචනයට ලක්ව තිබේ.

ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පලව ඇති පෝස්ට් කිහිපයක් පහත දැක්වේ.
001

002

003

004

005

006

007

008

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top