May 10, 2020

කොළඹ කොටස් වෙළඳපොල විවෘත වෙයි!

කොළඹ කොටස් වෙළඳපොලේ කටයුතු හෙට (11) සිට නැවත ආරම්භ කරන බව නිවේදනය කෙරේ.

අවසන් වරට කොළඹ කොටස් වෙළඳපොලේ වෙළඳ කටයුතු සිදු කෙරුණේ මාර්තු 20දාය.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම් යන දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන මැයි 11 වන දින සිට නැවත වැඩ ආරම්භ කළ යුතු බවට රජය ගත් තීරණය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව, කොළඹ කොටස් වෙළඳපොළ විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක දැක්වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top