May 11, 2020

කොටස් වෙළඳපොළ විවෘත වූ වහාම යළිත් වැසේ

සති 7කට පසුව අද (11) වැනිදා ගනුදෙනු ආරම්භ කළ කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික කටයුතු අත්හිටුවා තිබේ.

ඒ මිල දර්ශකවල සීඝ්‍ර කඩා වැටීම හේතුවෙනි.

මෙහිදී S&P SL20 දර්ශකය ඒකක 196.93 කින් පහළ ගිය අතර එය පූර්ව ගනුදෙනු දිනය වූ පසුගිය මාර්තු (20) වැනිදාට සාපේක්ෂව 10.11%ක කඩා වැටීමකි.

අද දිනය තුළ S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 10% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම හේතුවෙන් අද දිනයට ගනුදෙනු තවදුරටත් ක්‍රියාත්මක නොවනු ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top