May 12, 2020

ශ්‍රී ලන්කන්, ගෝලීය ගමනාන්ත 4කට මගී ගමන් අරඹයි

ලෝකයේ ආර්ථික ක්‍රියාකාරකම් නැවත විවෘත කිරීම සැලකිල්ලට ගනිමින් රටවල් අතර සංචාරක සීමාවන් ලිහිල් කිරීමෙන් පසුව එංගලන්තයේ ලන්ඩන් , ජපානයේ නරීටා , ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ චීනයේ හොංකොං වෙත ගුවන් ගමන් පහසුකම් ආරම්භ කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේ .

මෙම සේවාව මගින් බොහෝ විදේශයන් හි අතරමං වී සිටින සංචාරකයන්ට නිරෝධායන කාල  සීමාවන්ට යටත්ව සහ සංචාරක ලියකියවිලි වල නිරවද්‍යතාව මත මෙම පහසුකම් මෙම මැයි මස 13 දින සිට සලසා ගැනීමට හැකියාව තිබේ .

ඒ අනුව නව ගුවන් ගමන් භාවිතා කරමින් සංචාරය කිරීමට කැමති ගුවන් මගීන්ට , එක් එක් රටවල නියාමන අධිකාරීන් විසින් පනවා ඇති සීමාවන් මත පදනම් වෙමින් අදාළ රටවලට ඇතුළු වීමට සුදුසුකම් ඇති බවට සහතික විය යුතුය .

මෙම ක්‍රමය යටතේ සංචාරය කිරීමට අදහස් කරන ගුවන් මගීන් තම ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට පෙර ඔවුන්ගේ අදාළ රටවල දේශසීමා පාලන අධිකාරීන්ගෙන් සහ එම රටවල ආගමන විගමන බලධාරීනගෙන් සහ ඔබගේ සංචාරක නියෝජිතයා අමතා පරීක්ෂා කර බැලීමක් සිදු කර ගත යුතුය .

මේ පිළිබඳව වැඩිදුර විස්තර තවදුරටත් දැන ගැනීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ 0197331979 යන දුරකථන අංකය ඇමතීමෙන් හෝ www.srilankan.com යන වෙබ් අඩවියට පිවිසීමෙන් ද දැන ගත හැකිය .

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top