May 14, 2020

ජූලි මාසයේදී සංචාරක හෝටල් අරින්න තීන්දු කරයි ! Featured

ජූලි මාසය වන විට සියලුම සංචාරක හෝටල් දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා විවෘත කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර ඇතැයි වාර්තා වේ.

එම අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කරන්නේ නැවැත විවෘ කිරීමේදී පිළිපැදිය යුතු සෞඛ්‍ය නිර්දේශ හෝටල් හිමියන්ට මේවන විට ලබාදී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ලබන සතියේදී විශේෂ රැස්වීමක් පැවැත්වීමට අපේක්ෂා කරන බවද ඇය කියා සිටී.

සංචාරක හෝටල් විවෘත කිරීම සඳහා වූ සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

අතට අත දීම වෙනුවට ආයුබෝවන් වැනි ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික සුබ පැතුම් ක්‍රම භාවිත කළ යුතු බවද එහි දැක්වේ.

කාර්ය මණ්ඩලය මුඛ ආවරණ පැලඳ සිටීම අනිවාර්ය කර තිබේ.

අමුත්තන් ගැවසෙන සියලුම ප්‍රදේශ සහ උපකරණ විෂබීජහරණය කිරීමට ද නියම කර ඇත.

අමුත්තන්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලිය යුතු වන අතර අමුත්තන් ලියාපදිංචි කිරීමේදී සියලු තොරතුරු ලබා ගැනීම සිදු කළ යුතු වේ.

එහිදී පැමිණී රට, ගුවන් යානයේ අංකය, ආසන අංකය යන තොරතුරුද ලබා ගැනීම අනිවාර්ය කර තිබේ.

(මූලාශ්‍රය - අරුණ)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top