May 20, 2020

ජනපතිට ඡන්දය දුන් 69 ලක්ෂයෙන් IOC වලින් තෙල් ගන්න එපා යැයි ඉල්ලයි

හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විසින් ලංකා IOC සමාගමට අයත් ඉන්ධන පිරිවුම්හලිවලින් ඉන්ධන ලබා නොගන්නා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදුන් 69 ලක්ෂයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔහු මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.

එය ලංකා IOC සමාගම හිතුමතේ ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව ආණ්ඩුව ගන්නා පළමු පියවර බවද ඔහු කියා සිටී.

 පෙරේරා මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

(දර්ශන අනුග්‍රහය නිවුස්හබ්)

පසුගිය 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC සමාගම මගින් අලෙවිකරණ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් පහකින් වැඩිකරනු ලැබිණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top