Pasidol
Sathosa Ad Final Sinhala
Feb 15, 2017

විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ගැන ජගත් සමුළුව අවසන්වෙයි

විසිතුරු මත්ස්‍ය කර්මාන්තය පිළිබඳ දෙවන අන්තර්ජාතික වෙළඳ සහ තාක්ෂණික සමුළුව පසුගියදා සාර්ථක ලෙස කොළඹ දී නිම විය.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, මැලේසියාවේ INFOFISH, Ornamental Fish International (OFI), ධීවර අමාත්‍යංශය, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය, ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) හා විසිතුරු මත්ස්‍ය අපනයනකරුවන්ගේ සංගමය විසින් මෙම සමුළුව සංවිධානය කර තිබුණි.

මෙහි ආරම්භක සමුළුව ද 2014දී කොළඹදී පැවැත්වුණි. ලොව කරදිය විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ආරම්භ කළ රටක් ලෙස හා ලෝක වෙළඳපොළට මිරිදිය විසිතුරු මසුන් ලබාදෙන ප්‍රධාන සැපයුම්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව සිදුකළ භූමිකාව පිළිගැනීමක් වශයෙන් මෙහි දෙවැනි සමුළුවද මේ අයුරින් කොළඹදී පැවැත්වීමට තීරණය කර තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top