Aug 11, 2020

බිත්තර ගිනිගණන් නිසා බේකරිකරුවන් අමාරුවේ!

නිෂ්පාදන සඳහා වැඩි වශයෙන් යොදාගන්නා බිත්තර වල මිල ගණන් තවදුරටත් ඉහලයාම හේතුවෙන් තමන් හට දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇති බව බේකරි නිෂ්පාදකයන් සඳහන් කරයි.

මේවන විට දේශීය වෙළඳපොලේ බිත්තරය තොග මිල සටහන් වන්නේ රුපියල් 22ක් ලෙසයි.

මේ අනුව, වෙළඳපොළේ බිත්තර මිල පාලනයට කටයුතු කළ යුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top