Aug 12, 2020

ලොව ලොකුම කැසිනෝ පුරවරය යළි ඇරෙන ලකුණු

ලොව විශාලතම කැසිනෝ අගනුවර ලෙස සැලකෙන මැකාව් නුවර වෙත පිවිසීමට යළිත් සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.

කොරෝනාවෛරස් තත්ත්වය හේතුවෙන් මැකාව් නුවර දැඩි පසුබෑමක් දක්නට ලැබුණි.

මේ හේතුවෙන් කැසිනෝ අයිතිකරුවන් දිනකදී ඩොලර් මිලියන 15ක අලාභයක් ලබන බව ඇස්තමේන්තු කර තිබේ.

අදියර කිහිපයක් යටතේ චීන ප්‍රධාන භුමියේ පුද්ගලයන් හා කණ්ඩායම් චාරිකා සඳහා වීසා බලපත්‍ර නිකුත් කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි. කෙසේවෙතත්, මේ සඳහා නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.

හොංකොං මෙන්ම මැකාව් ද චීනයේ විශේෂ පරිපාලන කලාපයකි (special administrative region - SAR).

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top