ඒ කොරෝනා වසංගතය හේතුවෙන් මේවන විට මෙරට දුම්වැටි අලෙවිය 38%කින් පහළයාමත්, එහි ආදායම දිනෙන් දින පහල වැටෙමින් පැවැතීමත් නිසාය.
2020 ජුනි 30 වැනිදායින් අවසන් වූ මාස තුනක කාලපරිච්ඡේදයේ දී සිය විකුණුම් පරිමාව 38% කින් පහළ ගොස් ඇති බව ලංකා දුම්කොළ සමාගම මේ වන විට පිළිගෙන තිබේ.
මෙම කාර්තුවේදී ‘කොවිඞ් -19’ වසංගතය හේතුවෙන් රට අගුළු දැමීමට ගත් පියවර සහ පාරිභෝගිකයන්ගේ ආර්ථික තත්ත්වයන් මෙයාකාරයෙන් දුම්වැටි අලෙවිය පහළ යෑමට හේතු වී ඇති බව ලංකා දුම්කොළ සමාගම කියා සිටී.
නවතම මූල්‍ය ප්‍රකාශන එළිදක්වමින් එම සමාගම පෙන්වාදී ඇත්තේ අදාළ වකවානුවේදී සමාගමේ පිරිවැටුම රු. බිලියන 24.1 ක් දක්වා සහ රජයට ගෙවන ලද බදු ප්‍රමාණය ද රු. බිලියන 18.6 ක් දක්වා 33% බැගින් පහළ ගොස් ඇති බවයි.