Sep 15, 2020

තිර 2ක් එක්ක එන LG Wing 

තිර දෙකක් ඇති ස්මාර්ට් ජංගම දුරකතනක් දකුණු කොරියාවේ LG සමාගම විසින් එළිදක්වා තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ එහි වඩා විශාල තිරය කරකවා ඉන් යට ඇති වඩාත් කුඩා තිරය අනාවරණය කරගත හැකි වීමයි.

LG Wing නම් මෙම දුරකතනයේ වින්ග් හි දෙවන තිරය, පළමු විශාලයට තිරයට ස්වාධීනව ක්‍රියා කළ හැකියාවක්ද පවතින අතර, නැතහොත් දුරකතන ක්‍රීඩා වල නිරත වීම වැනි අවස්ථා වලදී විශාල තිරයේ පාලකය ලෙස ක්‍රියාකළ හැකිය.

කෙසේ වෙතත්, මෙහි ඇතැම් ක්‍රියාකාරීත්වයන් රඳා පවතින්නේ පෙර ස්ථාපනය කළ බ්‍රව්සර් භාවිතා කිරීම මත බව පැවසේ.

මෙම 5G උපාංගයේ පිටුපස කැමරා තුනකට අමතරව සහ පොප්-අප් කැමරා කාචයක්ද ඇත.

මෙම උපාංගය ලබන මාසයේදී නිල වශයෙන් දකුණු කොරියාවේදී එළිදක්වන බව LG සමාගම පවසන අතර, මෙහි මිල තවමත් අනාවරණය කර නොමැත.

(බීබීසී පුවත්)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top