Sep 19, 2020

මහ ඇඳුම් මුදලාලිලාට නිමි ඇඳුම් ගෙන්වන්න අවසර දීලා !

ප්‍රධාන පෙළේ ඇදුම් සාප්පු පවත්වාගෙන යන ව්‍යාපාර වල ප්‍රධානීන්ගේ ඉල්ලීම අනුව නිමි ඇඳුම් ආනයනයට රජය තාවකාලික අවසරයක් ලබාදී ඇතැයි වාර්තා වේ.

උත්සව සමය ඉදිරියට යෙදෙන බැවින් අදාළ ව්‍යාපාර නිමි ඇඳුම් තාවකාලිකව ගෙන්වීමට කළ ඉල්ලීමකට අනුව මේ අවසර ලබාදී ඇතැයි පැවසේ. 

කෙසේවුවද, නිමි ඇඳුම් ආනයනය කරන්නන් දින 90ක ණය පහසුකම යටතේ ඒවා ආනයනය කළ යුතු යැයි කොන්දේසියක් රජය විසින් පනවා ඇති බවද වාර්තා වේ.

ඊට හේතුව මෙරට විදේශ මුදල් එකවර විදේශීය රටවලට ඇදීයාම වැළැක්වීම බවද ප්‍රකාශ වී තිබේ.

නිමි ඇඳුම්වලට අමතරව දේශීය කර්මාන්ත සඳහා අත්‍යවශය යම් යම් රසායන ද්‍රව්‍ය කිසියම් කාලසීමාවකට යටත්ව ආනයනයට අවසර ලබාදී ඇති බවද මේ අතර වාර්තා වේ.

කෙසේවුවද, මීට පෙර සුළු වශයෙන් නිමි ඇඳුම් ආනයනය කළ ව්‍යාපාරිකයන්ට අදාළ සහනය භුක්තිවිඳීමට හැකියාවක් නැතැයි ඔවුන් ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

ඒ ඔවුන්ට විදෙස් සමාගම්වලන් දින 90ක ණය පදනම මත නිමි ඇඳුම් ලබා ගැනීමේ හැකියාවක් නොවීම නිසාය. 

ඔවුන් පවසන්නේ මීට පෙර සිය ව්‍යාපාර සඳහා පිටරටින් නිමි ඇඳුම් ලබාගනු ලැබුවේ මුලින් මුදල් ගෙවීම මගින් බවයි.

සබැඳි පුවත්

තිලකවර්ධනේ රට නිමි ඇඳුම් නවතියි?: රට ඇඳුම් මානසික ප්‍රශ්නයක්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top