Sep 21, 2020

වංචා හෙළි වීමත් සමග HSBC කොටස් කඩාවැටෙයි!

වංචාකාරී කටයුතු පිළිබඳ දැන සිටියත් එය තවදුරටත් සිදුවීමට ඉඩතැබූ බවට HSBC බැංකුවට චෝදනා එල්ල වී තිබේ.

FinCEN Files නම් රහස් ලිපිගොණුවකින් මේ පිළිබඳව හෙළිදරව් වී තිබේ.

මෙම වංචාව යටතේ වංචාකාරී පුද්ගලයන් හට ලොව පුරා ඩොලර් මිලියන ගණනක මුදල් මාරු කර ඇතැයි වාර්තා වේ.

“සැක සහිත ක්‍රියාකාරකම්" වාර්තා කරන SAR වාර්තා 2,100ක් ඇතුළුව ලිපිලේඛන 2,657ක් FinCEN Files ලිපිගොණුවට අයත් වේ.

මේ පිළිබඳව තොරතුරු හෙළිදරව් වීමත් සමග HSBC බැංකුවේ කොටස් අගය 1995 සිට වාර්තා වූ අඩුම මිලකට පහත වැටී තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top