එසේම ණය තොරතුරු කාර්යාංශය මගින් ණය නොගෙවීම හේතුවෙන් කිසිදු පුද්ගලයකු අසාදු ලේඛනගත නොකරන බවද එම කාර්යාංශයේ අධ්යක්ෂ සාමාන්‍යාධිකාරී නන්දිමිත්ර ඇන්තනී මහතා පවසයි.
ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
‘‘යම් පුද්ගලයෙක් ණයක් ගන්න ගියාම ණය දෙන ආයතනයක් කියනවනම් තමන්ගෙ ක්‍රිබ් එකේ (ණය තොරතුරු කාර්යාංශයේ) තියෙන නිසා ණය දෙන්න බැහැ කියලා, අපි ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එහෙම කියන්න බැහැ. ණය දීමේ තීරණය සම්පූර්ණයෙන්ම තියෙන්නේ එම ණය ලබාදෙන ආයතන මතයි. තමන්ගේ නම ක්‍රිබ් එකේ තියෙන නිසා ණය දෙන්න බැහැ කියලා කියනවනම් අපිට කතා කරන්න. ණය තොරතුරු කාර්යාංශය වෙත පැමිණෙන්න. සතියේ දිනෙක ඇවිත් අපිට කතා කරන්න පුළුවන්.