Sep 25, 2020

IOC ඩීසල් වලට භූමිතෙල් කලවම් ද? Featured

ඉන්දියානු ඔයිල් සමාගමට අයත් IOC ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් ලබාගනිද්දී ඒවා මගින් භූමිතෙල් ගඳ වහනය වන බව පැමැණිලි ලැබී ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව වහා පරීක්ෂණයක් පවත්වා පාරිභෝගික ජනතාවට එහි ඇත්ත යුත්ත පැහැදිලි කර දෙන්නැයි දඹුල්ල ප්‍රදේශයේ පාරිභෝගිකයකු වන සුපුන් ආරියරත්න නමැත්තෙක් දඹුල්ල පොලිසියට සහ පාරිභෝගික අධිකාරියට ඊයේ (24) වැනිදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම ඉන්ධනවලට භූමිතෙල් කලවම් කර ඇත්දැයි ද්‍රාවණ පරීක්ෂණයක් පවත්වන ලෙසද ඔහු  බලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කර තිබේ.

දඹුල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් කීපයකම ඩීසල්වල භූමිතෙල් ගඳ වහනය වන බව දැනගන්නට ඇතැයි අප දඹුල්ල වාර්තාකරු සඳහන් කර සිටියේය.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් දඹුල්ල මූලස්ථාන පොලිසිය විමර්ශනයක් මේවන විටත් ආරම්භ කොට ඇති බවද පාරිභෝගික අධිකාරියෙන් මේ පිළිබඳව සොයා බලා කඩිබමින් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වේ.  

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top