Sep 26, 2020

බිග් බැඩ් වුල්ෆ් ලබන සතියේ අන්තර්ජාලයෙන් ලංකාවට

ලොව විශාලතම පොත් සල්පිල ලෙස හැඳින්වෙන 'බිග් බැඩ් වුල්ෆ්' ලබන සතියේ ඔක්තෝබර් 01 සිට 04 දක්වා ශ්‍රී ලංකාවට පැමිණේ.

Covid-19 වසංගතය සමග නව්‍ය ප්‍රවේශයක් කරා යමින් මෙවර ගනිමින්, 'බිග් බැඩ් වුල්ෆ්' සල්පිල මෙවර පැවැත්වෙන්නේ www.bigbadwolfbooks.lk වෙබ් අඩවිය හරහාය.

සීමාසහිත ProRead Lanka (Pvt.) හි අධ්‍යක්ෂ නිශාන් වසලතන්ත්‍රි විසින් පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙම වෙබ් අඩවිය නිල වශයෙන් එළිදැක්වුණු අතර, 'බිග් බැඩ් වුල්ෆ්' හි සම-නිර්මාතෘවරුන් වන ඇන්ඩෲ යැප් හා ජැකලින් න්ග් මෙන්ම ශ්‍රී ලංකාවේ අලෙවියේ හවුල්කරු වන දීපක් මාධවන් ද මැලේසියාවේ සිට සජීවී වීඩියෝවක් ඔස්සේ මෙම අවස්ථාවට එක්විය.

මෙවර 50% - 90% වට්ටමක් පාඨකයින් හට අත්විඳිය හැකි අතර මීට පෙර කිසි දිනෙක ශ්‍රී ලංකාවේ නොදුටු ග්‍රන්ථ 70% ක් පමණ දැකිය හැකි බව සංවිධායකයන් පවසයි.

ඔක්තෝබර් 01 - 04 දක්වා පැය 24 පුරාවට විවෘතව පවතින මෙම වෙබ් අඩවිය ඔස්සේ ඇණවුම් කරන පොත් සඳහා ජාත්‍යන්තර නැව් ගාස්තු අය නොකෙරෙන බවත්, මීට අමතරව, රු. 8,000කට වඩා වැඩි ඇණවුම් සඳහා දේශීය ප්‍රවාහන ගාස්තු ද අය නොකෙරන බව සංවිධායකයන් වැඩිදුරටත් පවසයි.

නිෂාන් වසලතන්ත්‍රි මහතා පැවසුවේ පොත් අලෙවිය ඔක්තෝබර් 04දා අවසන් වුවත් දේශීයව ක්‍රියාත්මක වන පාරිභෝගික උපකාරක කවුළුව ඕනෑම පාරිභෝගික විමසුමකට සහාය වීම සඳහා ඔක්තෝබර් 20 වන දින දක්වා ක්‍රියාත්මක වන බවයි.

BBW1 670px 20 09 26

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top