Sep 29, 2020

වාහන ආනයනය නතර කිරීමෙන් ලක්ෂ එකහමාරකට රැකියා අහිමියි Featured

කොරෝනා තත්ත්වයෙන් පසු රටේ ආනයනික වෙළෙඳ භාණ්ඩවලට අදාළ රැකියාවල නියුතු ලක්ෂ තුනකට පමණ සිය රැකියා අහිමිව ඇති අතර ඉන් ලක්ෂ එකහමාරක්ම මෝටර් රථ, මෝටර් බයිසිකල්, ත්‍රීවීලර් වෙළෙදාමේ නියුතු වූවන් බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි.

ආණ්ඩුව වාහන ආනයනය සීමා කරනවා නම් ඊට කඩිනම් වැඩපිළිවෙළක් සකසන්නේ නැතිනම් පාවිච්චි කරන ලද වාහනයක් නව වාහනයක මිලකට ලබාගැනීමට ජනතාවට සිදුවන බව ඒ මහතා සඳහන් කරයි. 

කොරෝනා වසංගතයට පෙර ලක්ෂයක පමණ වැටුපක් ගත් අයට අද රුපියල් දස දහසක මුදලක් අතට ගෙන ජීවත් වීමට සිදුවීමෙන් එම පවුල් දැඩි ආර්ථික පීඩාවකට පත්ව ඇති බවද සභාපතිවරයා අවධාරණය කරයි.

ආනයන සීමාවෙන් රට තුළට භාණ්ඩ ඒම නැවතීම මෙන්ම මෙරට නව නිෂ්පාදන ආරම්භක ක්‍රියාවලියක් මෙතෙක් සිදුනොවීම අර්බුදය තවත් උග්‍ර කරවීමට මඟ සකසා ඇති බව වාහන  වෙළෙදාමේ නියුතුවූවන් චෝදනා කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top