Oct 02, 2020

අමාත්‍යංශ ලේකම්ට මාසෙට ලක්ෂ 4ක කුලියට නිශාන්ත දුන් වාහනේ Featured

කම්කරු අමාත්‍යංශ ලේකම්වරයා වෙනුවෙන් කුලී පදනම මත නිශාන්ත බස්නායකට අයත් රාජගිරිය ටුවර්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් පුද්ගලික සමාගම වෙතින් මසකට රුපියල් 425,000ක් ගෙවා වාහනයක් ගෙන ඇතැයි වාර්තා වේ.

එසේ ගෙවීමට අදාල සමාගම හා කම්කරු අමාත්‍යංශය අතර ගිවිසුමක් ද අත්සන් කර ඇතැයි පැවැසේ.

අදාළ මුදල ගෙවා ලේකම්වරයා ලබාගෙන ඇත්තේ ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් බවද වාර්තා වේ.

සැප්තැම්බර් 01 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා වූ කාලය තුළ එකී වාහනය භාවිතා කිරීම වෙනුවෙන් වූ කුලී මුදල ලෙස අමාත්‍යංශය වෙත එවනු ලැබූ ඉන්වොයිසිය මේ වනවිට අමාත්‍යංශ්‍ය වෙත ලැබී ඇති අතර ඒ සඳහා ගෙවීම් ද සිදුකර අවසන් බව පැවසේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා ඇමතිවරුන්ට උපදෙස් ලබාදී තිබුණේ අමාත්‍යංශවලට කුලී පදනමින් වාහන ලබාගැනීම වෙනුවට රජයේ වාහන භාවිත කරන ලෙසය.

නිශාන්තගේ සමාගම විසින් මෙසේ ගිවිසුම් ගසා සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක්ම අමාත්‍යංශ වල පාවිච්චි කිරීමට කුලියට දී අතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මූලාශ්‍රය - ලංකාදීප

RTTransport Doc

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top