Oct 03, 2020

කොළඹ කොටස් හුවමාරුවෙන් වාර්තාවක්

පසුගිය සැප්තැම්බර් මසය තුල ලොව වැඩිම වර්ධනයක් දැක්වූ මිල දර්ශකය බවට කොළඹ කොටස් හුවමාරුව පත්ව තිබේ.

සැප්තැම්බර් මස තුල කොළඹ කොටස් වෙළෙදපොළෙහි සමස්ත වෙළෙදපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 279.6ක් වන අතර එය සියයට 12ක වර්ධනයක් බව කොළඹ කොටස් හුවමාරුව නිවේදනය කළේය.

වෙළඳ ගනුදෙනු දිනක් තුළ සිදු කරන ලද සාමාන්‍ය ගනුදෙනු ගණන 20,607 ලෙස සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ අතර මෙම වසරේදී දක්නට ලැබෙන සාමාන්‍යයට සාපේක්ෂව 96% කින් සැප්තැම්බර් මාසයෙදී මෙම අගය වර්ධනය වීම විශේෂත්වයක්.

සැප්තැම්බර් මාසයෙදී සමස්ත වෙළෙදපොළ පිරිවැටුම රුපියල් බිලියන 50 ක් ලෙස වාර්තා වෙයි.

මෙය ඉදිරි මාස කිහිපය තුල එලෙසම සිදුවනු ඇති බවට ඔවුන් අපේක්ෂා කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top