Oct 09, 2020

IBM දෙකට කැඩෙයි

සුප්‍රසිද්ධ තාක්ෂණික ආයතනයක් වන IBM පොදු සමාගම් දෙකකට බෙදීමට තීරණය කර ඇති බව එම සමගම නිවේදනය කරයි.

ක්ලවුඩ් කම්පියුටින් හා කෘතිම බුද්ධිය වැනි ඉහළ ආන්තික ව්‍යාපාර වෙත අවධානය යොමුකිරීමේ උත්සහයක් ලෙස මෙම පියවර ගෙන තිබේ.

මේ අනුව, තාක්ෂණ යටිතල පහසුකම් කෙරෙහි අවධානය යොමු කරන නව සමාගමක් ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිතය.

මෙම නිවේදනයෙන් අනතුරුව IBM සමාගමේ කොටස් 6%කින් ඉහළ ගොස් තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top