Oct 10, 2020

කොරෝනා පැතිරෙන කාලේ රේගුවේ ඇති කහ තොග නිදහස් කරන්නැයි ඉල්ලීමක් Featured

කොරෝනා වසංගතය රට තුළ පැතිර යන මෙම අවස්ථාවේ ඊට ප‍්‍රතිකර්මයක් ලෙස සැලකෙන තම කහ තොග රටේ ජනතාව වෙනුවෙන් ලබාදීමට නිදහස් කරන ලෙස කහ ආනයනකරුවන්ගේ සංගමය විසින් වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හමුවී ඉලීමක් කර තිබේ.

පසුගිය මැයි මාසයේ සිට මාස 5කට වැඩි කාලයක් රේගුව මගින් රඳවාගෙන තිබෙන මෙම කහ තොගවල ගුදම් ගාස්තු ඇතුළුව තම ආනයනකරුවන්ට අති විශාල මූල්‍යමය පාඩුවක් විඳින්නට සිදුවී ඇති බවද නැවතත් කහ ගෙන්වන්නේ නැතැයි අමාත්‍යවරයාට පෙන්වා දුන් බවද  එම සංගමයේ ප‍්‍රධාන සංවිධායක ශිවලිංගම් අලිල්වෙන්දන් මහතා පවසයි.

මේ පිළිබඳව හැකි ඉක්මනින් ජනාධිපතිවරයා දැනුවත් කර ඔවුන්ගේ ගැටලූවට විසඳුමක් ලබාදීමට කටයුතු කරන බවට අමාත්‍යවරයා එකඟ වී ඇතැයි වාර්තා වේ.

මෙම සංගමයේ සාමාජිකයින් විසින් ගෙන්වන ලද කන්ටේනර් 50ක කහ කිලෝ දස ලක්ෂයක් රේගුව රඳවාගෙන සිටින අතර එහි එක කන්ටේනරයක තීරු බදු සහිත වටිනාකම රුපියල් ලක්ෂ 62ක් බවද පැවසේ.

සබැඳි පුවත්

කහ විනාශ නොකර සතොසට දෙයි

කෝටි 80ක තහනම් භාණ්ඩ රේගුවේ - කාර් එකක් ඉස්සූ රේගු ලොක්කෙක් අත්අඩංගුවට

කහ ආනයනයට අවසර ලැබෙයි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top