Oct 11, 2020

මැලිබන් බිස්කට් එකක ගෝස් කෑල්ලක් (ඡායා) Featured

මැලිබන් මිල්ක් ෂෝර්ට්කේක් බිස්කට් පැකට්ටුවක් තුළ වූ බිස්කට්ටුවක තිබී ගෝස් (gauze) කැබැල්ලක් හමුව තිබේ.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා සිය ෆේස්බුක් පිටුවේ ඊට අදාළ ඡායාරූප පෙළක් පලකරමින් මේ බව හෙළිකර ඇත.

මේ අතර, අදාළ බිස්කට් පැකට්ටුව මිලදී ගත් අයට මැලිබන් සමාගමේ නිලධාරීන් පිරිසක් පැමිණ එම බිස්කට් පැකට්ටුව නැවත ලබාගනිමින් බිස්කට් පාර්සලක් ලබාදීමට උත්සාහ කර ඇතැයි ද වාර්තා වේ.

මැලිබන් බිස්කට් සමාගම 1954 වසරේදී බිස්කට් නිෂ්පාදනය ආරම්භ කරන ලද සමාගමකි.

බිස්කට්වලට අමතරව එම සමාගම තේ, කිරිපිටි හා පෝෂණ අතිරේකයක්ද නිෂ්පාදනය කරනු ලබයි.

එම සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ රත්නපාල සමරවීර මහතාය.

කුමුදිකා පුනාන්දු එහි ප්‍රධාන විධායක නිලධාරිණිය ලෙස කටයුතු කරන අතර, තරංගිත සමරවීර හා ශානක වික්‍රමපාල යන මහත්වරුන් එහි අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරනු ලබයි.

Maliban 900px 001

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top