Oct 12, 2020

Aliexpress ලංකාවේ රුපියලකට පාරිභෝගිකයා නොමග යවයි !

ආසියානු පැරණි දුර්ලබ කාසියක් හා සැමරුම් කාසියක් ලෙස දක්වමින් ලංකාවේ රුපියලක් aliexpress.com වෙබ් අඩවියේ විකිණීමට තබමින් පාරිභෝගිකයා නොමඟ යවා තිබේ.

AliExpress 002අදාළ රුපියල එහි අලෙවි වන්නේ ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 77.38 (LKR 77.38) කට වන අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 0.42 (US $0.42) කි.

කෙසේවුවද, එය ඇමරිකාවට දින 30ත් 50ත් අතර ගෙන්වාගන්නේ නම් නැව් ගාස්තු ලෙස තවත් ඇමරිකානු ඩොලර් 1.26ක් ගෙවිය යුතු බව එම වෙබ් අඩවියේ දැක්වේ.

මෙසේ එම වෙබ් අඩවිය දක්වා ඇති රුපිලේ වර්ශය ලෙස සටහන්ව ඇත්තේ 2011 වසරයි.

වසර 2011 දී මහ බැංකුව විසින් රුපියල් 2, රුපියල් 10, රුපියල් 1000 හා රුපියල් 2000 සමරු කාසි නිකුත්කර ඇත්ත රුපියලේ සමරු කාසියක් නිකුත් කර නොමැති බවද අප කළ සොයා බැලීමකදී හෙළිවිය.

මේ සම්බන්ධයෙන් අප මහ බැංකුවේ ප්‍රධානියකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ රුපියලේ සැමරුම් කාසියක් අවසන් වරට මහ බැංකුව විසින් පිටකර ඇත්තේ 2001 වසරේදී බවයි.

ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 50 වැනි සංවත්සරයට බව ඔහු කියා සිටියේය.

එසේම සැමරුම් කාසියක් සකස් කිරීමේදී එයට 1978න් පසුව එක් පැත්තකට රාජ්‍ය ලංඡනය යෙදීම සිදු නොකරන බවද මේ අතර වාර්තා වේ.

කෙසේවුවද, aliexpress.com එසේම මෙවැනි රුපියලේ කාසි ඔවුන් සතුවන්නේ තවත් 90ක් බවද එහි දක්වා ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙතෙක් නිකුත් කර ඇති සැමරුම් කාසි පහත පහතින්.

ඔබන්න...

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top