Oct 13, 2020

සැමන්, පරිප්පු, බී ලූනු හා සීනි ආනයනික බදු ඉවත් කරයි!

වත්මන් ජීවන වියදම සහ කොවිඩ්-19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් පරිප්පු,ටින්මාළු,බී ලූනු සහ සීනි යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

බදු ඉවත් කිරීම නිසා අද (13) රාත්‍රී සිට ටින්මාළු (ලොකු) රුපියල් 200කට, බී ලූනු කිලෝව රුපියල් 100කට සහ සීනි කිලෝව රුපියල් 85 ක මිලකට ගැනීමට හැකිවනු ඇත.

මේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළුව රුපියල් 500කට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ සතොසෙන් මිලදී ගන්නා විට පරිප්පු කිලෝව රුපියල් 150කට මිලට ගැනීමට විධිවිධාන සලසා ඇති බවද නිවේදනයේ දැක්වේ.

පොල්සංවර්ධන මණ්ඩලය, කුරුණෑගල වැවිලි සමාගම සහ හලාවත වැවිලි සමාගම කොළඹ නගරයට පොල් සැපයුම වැඩිකර ඇති බවද වාර්තා වේ.

එබැවින් පාරිභෝගිකයාට සතොස අලෙවිසල් වලින් සාධාරණ මිලකට පොල් ලබාගැනීමේ අවස්ථාව ඇතැයි ද පැවසේ.

Pres Press RE 13 10 20

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top