Oct 14, 2020

අලුත් iPhone 12 එකතුව මෙන්න! (වීඩියෝ) Featured

ඇමෙරිකාවේ ඇපල් සමාගම විසින් සිය නවතම අයිෆෝන්  මාදිලිය වන iPhone 12 එකතුව එළිදක්වා තිබේ.

මෙම එකතුවට iPhone 12, iPhone 12 Pro, iPhone 12 Pro Max හා iPhone 12 Mini යනුවෙන් ස්මාර්ට් ෆෝන් 4ක් අයත් වේ.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මෙය 5G තාක්ෂණය හා ක්‍රියාකිරීමට හැකි පළමු අයිෆෝන් මාදිලිය වීමයි.

අඩු ආලෝක ඡායාරූපකරණය සඳහා නව සංවේදක ඇතුළත්ව මෙහි කැමරා නිර්මාණය වීම තවත් විශේෂත්වයකි.

iPhone 12 එකතුව ඔක්තෝබර් අවසානයේ හා නොවැම්බර් මුලදී ඇමෙරිකාවේ පාරිභෝගිකයන් හට ලබාගත හැකිවනු ඇත.

මෙම ස්මාර්ට්ෆෝන් දුරකථන වලට අමතරව ඇපල් විසින් සිය නවතම ස්මාර්ට් ස්පීකර් උපකරණයද හඳුන්වාදී තිබේ.

ඇපල් විසින් සිය නවතම උපාංග හඳුන්වාදී තිබුණේ මෙලෙසයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top