Oct 14, 2020

මැනිං මාර්කට් එකේ වෙළඳසැල් 32 ක් වැසෙයි

කොවිඩ් - 19 අවදානම හේතුවෙන් කොළඹ මැනිං වෙළඳපළේ සිල්ලර වෙළඳ සැල් 32 ක් වසා දැමීමට කටයුතු කර තිබෙනවා. එම වෙළඳ සැල් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව මැනිං වෙළඳ‍පළේ ජ්‍යෙෂ්ඨ වෙළඳ පරිපාලකවරයා පවසයි.

එක් වෙළඳසැළක සේවය කරන පුද්ගලයෙකුගේ බිරිඳට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.එම වෙළඳසැල සහ ඊට ආසන්න වෙළඳසැල් මෙසේ වසා දමා ඇත.

එම ස්ථානවල සේවය කරන පුද්ගලයන් 35 දෙනෙකු හෙට (14) වැනිදා පීසීආර් පරීක්ෂණය සඳහා යොමු කිරීමටද නියමිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top