Oct 16, 2020

ලොවපුරා ට්විටර් අවුලක්

ඊයේ (15) රාත්‍රියේදී ට්විටර් සමාජ ජාලය ඇණහිටීමෙන් ලොව පුරා පරිශීලකයින්ට බලපා ඇත.

DownDetector.com වෙබ් අඩවියට අනුව, මෙම ඇණහිටීම ග්‍රිනීච් වේලාවෙන් රාත්‍රී 9.30ට පමණ සිදුවී ඇත.

මේ සම්බන්ධයෙන් ට්විටර් සමාගම පවසා ඇත්තේ සිය සේවයේ භ්‍යන්තර පද්ධතිවල සිදුවූ වෙනස්කමක් හේතුවෙන් මෙම ඇණහිටීම සිදුවූ බවත්ය.

ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් රැසක පුද්ගලයන් හට පැයක පමණ කාලයක් පුරාවට මේ හේතුවනේ ට්විටර් භාවිතාකිරීමට අවහිරතා පැවතිණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top