Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Feb 20, 2017

පාරිභෝගික අධිකාරියට පර්යේෂණාගාරයක්!

පාරිභෝගිකයන් ගේ සුරක්ෂිතභාවය වැඩිදුරටත් තහවුරු කරගැනීමේ අරමුණෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නිෂ්පාදන පර්යේෂණාගාරයක් පිහිටුවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට සහය පළ කර තිබේ.

පසුගියදා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් හා පැවති සාකච්ඡාවකදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙලෙස සහය පළ කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය ජේකබ් කුමාරේසන්, ඇමති බදුර්දීන් ගේ ජේ‍යෂ්ට උපදේශක - හිමාලි ජිනදාස, හෙට්ටිගොඩ ව්‍යාපාර වල අධ්‍යක්ෂිකා වින්ද්‍යානි හෙට්ටිගොඩ හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්විය.

ආහාර නිෂ්පාදන සම්බන්ධයෙන් පර්යේෂණ පැවත්වීමට අවශ්‍ය පහසුකම් වල උග්‍ර හිඟයක් පැවතීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩකටයුතු දැඩි බාධාවක් වූ බවත් එබැවින් මෙම පියවර ඉතා වැදගත් බවත් අමාත්‍යවරයා පවසයි.

මේ අතර, ආචාර්ය ජේකබ් කුමාරේසන් මහතා පවසා සිටියේ මෙවැනි පර්යේෂණාගාරයක් පිහිටුවීමෙන් මෙරට පාරිභෝගිකයන් ගේ සුරක්ෂිතභාවය වැඩිදුරටත් තහවුරු වන බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top