Oct 21, 2020

2022දී හඳටත් 4G! Featured

චන්ද්‍රයා මත පළමු වරට සෙලියුලර් ජාලයක් ස්ථාපිත කිරීමට ඇමෙරිකාවේ NASA ඒජන්සිය හා ෆින්ලන්තයේ Nokia සමාගම සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

චන්ද්‍රයා මතට ගමන් කරන අභ්‍යවකාශගාමීන් හට 2022 අගභාගය වන විට 4G LTE ජාලයක් සැකසීමට NASA ඒජන්සිය සමග එක්ව කටයුතු කරන බව Nokia සමාගම පවසයි.

සන්නිවේදනය සහ දත්ත සම්ප්‍රේෂණය මෙන්ම වෙනත් කටයුතු රාශියක් සඳහා මෙම තාක්ෂණ්‍ය උපයෝගී කරගැනීමට ඔවුන් අදහස් කර සිටියි.

කාලය ගතවෙත්ම මෙම 4G ජාලය අවසානයේ 5G දක්වා වැඩිදියුණු කෙරෙනු ඇති බව පැවසේ.

මෙම ව්‍යාපෘතිය සඳහා NASA ඒජන්සිය විසින් Nokia සමාගමට අයත් Bell Labs වෙත ඩොලර් මිලියන 14.1ක් ලබාදී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top