Oct 22, 2020

මහ බැංකුවේ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් Featured

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (21) පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.

එමගින් දැනට පවතින ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව ඉදිරියට ගෙන යයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසරේ මේ දක්වා කාලය තුළ දී පෙර නො වූ අයුරින් ක්‍රියාත්මක කරන ලද මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් සමස්ත වෙළෙඳපොළ ණය පොලී අනුපාතිකයන්ගේ පහළ යෑම මුදල් ම‍ණ්ඩලය විසින්  නිරීක්ෂණය කර තිබිණි.

වෙළෙඳපොළ පොලී අනුපාතික පුළුල් ලෙස පහළ යෑම අඛණ්ඩ ව පවතිනු ඇති බව ඔවුන් අපේක්ෂා කරයි.එමඟින් දැනට පවත්නා අඩු උද්ධමන වාතාවර‍ණය තුළ ආර්ථිකයෙහි ඵලදායි අංශ වෙත අඩු පිරිවැය යටතේ ණය ප්‍රවාහ ගලා යෑම සහතික කෙරෙනු ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top