Nov 01, 2020

ඉන්දීය ඇක්සිස් බැංකු ශාඛා බලපත්‍රය අවලංගු කරයි

ඉන්දියාවේ ඇක්සිස් බැංකුව විසින් 2019 වසරේදී එම බැංකුවේ ගෝලීය මෙහෙයුම් පිළිබඳව ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණය මත කරනලද ඉල්ලීම පරිදි, ඇක්සිස් බැංකුව කොළඹ ශාඛාවේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු වසා දැමීඹට සහ එම බැංකුව සඳහා නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කිරීමට නියමයන් හා කොන්දේසි කිහිපයකට යටත්ව අනුමැතිය ලබාදී තිබේ.


මෙම ඉල්ලීම සලකා බැලූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1988 අංක 30 දරණ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව මෙ අනුමැතිය ලබාදුන් බව මහ බැංකුව පවසයි.

ඇක්සිස් බැංකුව මුදල් මණ්ඩලය විසින් පනවන ලද නියමයන් හා කොන්දේසිවලට අනුකූල වීම පිළිබඳව බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ සෑහීමකට පත්වීමෙන් පසුව, බැංකු කටයුතු කරගෙන යාම සඳහා ඇක්සිස් බැංකුව වෙත නිකුත් කරන ලද බලපත්‍රය 2020 ඔක්තෝබර් 30දා සිට අවලංගු කරන ලද බව මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

 
(අද)
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top