Nov 05, 2020

සහල් වලට උපරිම මිලක් Featured

නිෂ්පාදකයින් හා සහල් මෝල් හිමියන් විසින් සහල් වර්ග කිහිපයක් අලෙවි කළයුතු උපරිම මිල පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නියම කර තිබේ.

ඊයේ (04) දින නිකුත් වූ අතිවිශේෂ ගැසට් නිවේදනයක් සඳහන් කර තිබුණේ මෙම නියෝගය ඊයේ සිට ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව රතු /සුදු සම්බා (සූදුරු සම්බා හැර) මෙන්ම රතු /සුදු කැකුළු සම්බා කිලෝග්‍රෑම් එකක් විකිනිය හැකි උපරිම මිල රුපියල් 94 කි.

රතු /සුදු නාඩු (මොට්ටෛකරුපන් සහ අට්ටකාරි හැර) කිලෝග්‍රෑම් එකක් රුපියල් 92 ක මිලකටත්, රතු සහ සුදු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 89 ක මිලකට අලෙවි කළයුතු බවට එම ගැසට් නිවේදනයේ දැක්වේ.

මෙම උපරිම මිල ඉක්මවා වෙළදාම් කිරීම, වෙළදාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළඳාම් කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය එම ගැසට් නිවේදනය මගින් නියෝග කර සිටියි.

Rice Gazzet 04 11 20

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top