Nov 06, 2020

මාස් කෑලි සහිත මැලිබන් බිස්කට්එක එන සතියේ සිට රටවටේ ප්‍රදර්ශනයට Featured

මැලිබන් මිල්ක් ෂෝර්ට්කේක් බිස්කට් පැකට්ටුවක් තුළ වූ බිස්කට්ටුවක තිබී ගෝස් (gauze) කැබැල්ලක් හමුවීමේ සිද්ධිය මේ වන විට පාරිභෝගික අධිකාරිය විසින් ද යට ගසමින් තිබෙන බැවින් ලබන සතියේ සිට විශේෂ රථයකින් ගම් නියම්ගම්වලට ගෙනගොස් එය ප්‍රදර්ශනය කිරීමට සැලැසුම් කර ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා කියයි.

මේ පියවර ගනු ලැබුවේ සිය සංගමය විසින් අදාළ බිස්කට් පැකට්ටුව නිෂ්පාදනය කරන ලද මැලිබන් බිස්කට් මැනිෆැක්චරීස් පුද්ගලික සමාගමෙන් (Maliban Biscuit Manufactories (Pvt) Limited) එම බිස්කට් පැකට්ටුව අදාළ නිෂ්පාදන කාණ්ඩයේ බිස්කට් පැකට් වෙළඳපොලෙන් එකතුකරගෙන විනාශ කරන ලෙස සිදු කළ ඉල්ලීමට ද ප්‍රතිචාර නොදැක්වීම නිසා යැයිද ඔහු ශ්‍රී ලංකා මිරර් සමඟ කීය.

අදාළ සමාගම විසින් මෙම බිස්කට් පැකට්ටුව හමුවූ පාරිභෝගිකයාට රුපියල් 15,000ක මුදලක් ලබාදී සිද්ධිය යටගසා ගැනීමට උත්සාහ කළ බව පසුගිය දිනවල මාධ්‍යයේ පවා පල වූ බවත්, රට දැඩි කොරෝනා අවදානමක පසුවෙද්දී මොවුන් අදාළ නිෂ්පාදන සිදු කරන්නේ සෞඛ්‍ය ආරක්ෂිතව ද යන්නද මේවන විට ගැටලුවක්ව ඇතැයි ඔහු පැවසීය.

Maliban 900px 001

පාරිභෝගික අධිකාරියේ ලොක්කෙක් සේවිකාවකට අතවර කරලලු!

මේ අතර, විතානගේ මහතා විසින් පාරිභෝගික අධිකාරියේ ඉහල නිලධාරියකු විසින් සේවිකාවකට අතවර කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගේ ෆේස්බුක් පිටුවේ දමා ඇති පෝස්ටුව සම්බන්ධයෙන් ද අප විමසීමක් කළ අතර එහි තොරතුරු මාධ්‍යට ලබාදීමට නොහැකි බව ඔහු කියා සිටියේය.

ඒ මහතා සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහන පහත දැක්වේ.RanjithW Screenshot 06 11 20

සැබැඳි පුවත්
මැලිබන් බිස්කට්වල ගෝස්ද? මාස්ක්ද? - පහලොස් දහසට වැඩේ ෂේප්ද?
මැලිබන් බිස්කට් එකක ගෝස් කෑල්ලක් (ඡායා)

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top