Nov 10, 2020

Allianz Insurance මෝටර් රක්ෂණ වන්දි නොගෙවා කට්ටි පනියි ! Featured

අලියාන්ස් රක්ෂණ (Allianz Insurance) සමාගම මෝටර් රථ අනතුරුවල රක්ෂණ වන්දි ගෙවීම් පැහැර හරිමින් සිටින බවට එම ආයතනයෙන් රථවාහන රක්ෂණ ලබාගත් පාර්භෝගිකයන් චෝදනා කරමින් සිටී.

මෙහි ආසන්නතම සිදුවීම අලියාන්ස් රක්ෂණ සමාගමේ රක්ෂණය කර තිබූ මෝටර් රථයක් අනතුරකට ලක්වීමෙන් පසුව එහි රක්ෂණ වන්දිය නොගෙවීම නිසා උරණවූ පාරිභෝගිකයකු එම රක්ෂණ සමාගමේ රත්නපුර ශාඛාව තුළදී අලියාන්ස් නිලධාරීන් සමඟ සිදු වූ බහින් බස්වීමක වීඩියෝවක් සමාජ මාධ්‍යයේ ප්‍රචාරයවීමත් සමඟ වාර්තා විය.

එම සිද්ධියෙන් පසුව මේ සමාගම මෝටර් රක්ෂණවල රුපියල් 50,000 ට වඩා වැඩි රක්ෂණ වන්දි ගෙවීමට මැලිකමක් දක්වන බව මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්ව තිබේ.

රත්නපුර අලියාන්ස් රක්ෂණ (Allianz Insurance) සමාගමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී අදාළ රක්ෂණ හිමිකරුට එම සමාගම විසින් අසාධාරණයක් සිදු කර ඇති බවට තොරතුරු වාර්තා විය.

මේ ගැටුමට මුල්ව ඇත්තේ දොස්තරවරියකට අයත් SP CAD 8916 දරණ ටොයොටා ඇක්වා (Toyota aqua) වර්ගයේ මෝටර් රථයකට අලියාන්ස් රක්ෂණ (allianz insurance) සමාගමෙන් ලබාගන්නා ලද රක්ෂණයකි.

වත්සලා චතුරංගි නැමැති අදාළ දොස්තරවරිය ඇයට අයත් මෙම මෝටර් රථය ඇගේ ස්වාමියාගේ මිත්‍රයකුට සිය ස්වාමියාගේ පියාගේ ඖෂධ කිහිපයක් හා මිත්‍රයාගේ පෞද්ගලික කාර්යක් සිදු කර ගැනීමට ලබාදී තිබේ.

ඒ පසුගිය ඔක්තෝබර් 04 වැනිදාය. එසේ ඔහු අදාළ කාර්යයට ගොස් එන අතරතුරදී පැල්මඩුල්ල පාතකඩ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ලිස්සායාම නිසා අනතුරක් සිදුව තිබේ. එම අනතුර සිදුව ඇත්තේ 05 වැනිදා අළුයම් කාලයේය.

කෙසේවුවද, අනතුර සිදුවූ වහාම අලියාන්ස් රක්ෂණ (Allianz Insurance) සමාගමට ද ඒ බව දැනුවත් කර ඇති අතර අනතුර සම්බන්ධ පරීක්ෂණ පැල්මඩුල්ල පොලිසිය විසින් සිදුකර තිබේ.

(අනතුර සිදුවූ අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.)

Allianz 850px

එම අවස්ථාවේදී මෙය ලිස්සායාමෙන් සිදුවූ අනතුරක් බව පොලිසිය සනාථකර ඇති අතර පසුව එම මෝටර් රථය ලොරියක් මාර්ගයෙන් හිදැල්ල ප්‍රදේශයේ පිහිටි නන්දන මෝටර්ස් නම් වාහන අලුත්වැඩියා කිරීමේ ගරාජයට ගෙනවිත් අලුත්වැඩියා කර තිබේ.

එම අලුත් වැඩියාවට නන්දන මෝටර්ස් ආයතනය රුපියල් 95,000 ක බිලක් ලබාදී ඇත.

අලියාන්ස් රක්ෂණ (Allianz Insurance) සමාගම හා දොස්තරවරිය අතර ඇති රක්ෂණ ගිවිසුමට අනුව මේ මුදල එම සමාගම විසින් ගෙවිය යුතු වුවද විවිධ හේතු මතුකරමින් එය පැහැර තිබේ.

කෙසේවුවද, අදාළ රක්ෂණ වන්දිය ගෙවීම එම සමාගම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ බව හිමිකාරියට ලිඛිතව දන්වා තිබේ. පසුව ඇගේ ස්වාමියා අලියාන්ස් රක්ෂණ (Allianz Insurance) ශාඛාව වෙත පැමිණ නොගෙවීමට හේතුවිමසීමත් සමඟ මේ ගැටුම ඇති වී තිබේ.

ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්

අදාල මෝටර් රථයට NDB බැංකුවේ මාතර ශාඛාවෙන් ලීසිං පහසුකම් සපයා ඇති බවද අප කළ සොයා බැලීමකදී හෙලිකර ගැනීමට හැකි විය.

එසේම මේ රක්ෂණය සිදු කර ඇත්තේ අලියාන්ස් රක්ෂණ (Allianz Insurance) සමාගමේ "ඉන්ෂුවර් මී" නැමැති තැරැවුකාර සමාගම හරහා බවද හෙළි විය.

මේ ටොයොටා ඇක්වා (Toyota aqua) මෝටර් රථයට අලියාන්ස් රක්ෂණ (Allianz Insurance) සමාගමෙන් මෝටර් රක්ෂණය ලබාගෙන ඇත්තේ 2019 වසරේදීය. ඒ අනුව එම වසරේ එහි රක්ෂණ වාරිකය ලෙස රුපියල් 75,000 කට ආසන්න මුදලක් ගෙවා තිබේ. මේ වසරේ ගෙවා ඇති රක්ෂණ වාරිකයේ වටිනාකම රුපියල් 87,000 කි.

123548733 3540780232640646 1101207759096147167 n

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top