Nov 12, 2020

සතොස සැමන් වල ආසනික්?

රජයට අයත් ලංකා සතොස සියලුම අලෙවිසල්වල ඇති ටින්මාළු වල සම්මත ප්‍රමාණයට වඩා ආසනික් ඇති බව සමගි ජනබලවේගය පවසයි.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසා ඇත්තේ සාමාන්‍යයෙන් ටින්මාළු වල සියයට එකක් ආසනික් පැවතියද, සතොස අලෙවිසල්වල ඇති ටින්මාළු වල සියයට දෙකකට වඩා ආසනික් ප්‍රමාණයක් ඇතැයි වාර්තා වන බවයි.

මේ අතර, ‘අරුණ’ පුවත්පත වෙත අදහස් දක්වමින් ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරී ඒ.පී. පණ්ඩිතගේ මහතා සඳහන් කර තිබුණේ සියලුම ලංකා සතොස අලෙවිසල්වල හා තොග ගබඩාවන්හි මේ වන විට ඇති සියලුම ටින්මාළු සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය (SLS) ඇති බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top