Nov 13, 2020

කොරෝනා දෙවැනි රැල්ලෙන් ලංගමයේ පාඩුව මිලියන 520ක්

කොවිඩ් - 19 තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පුද්ගලයින් පොදු ප්‍රවාහනය භාවිතා නොකිරීම නිසා දෛනිකව රුපියල් මිලියන 50ක පමණ පාඩුවක් සිදුවන බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව කොවිඩ් - 19 දෙවැනි රැල්ල හේතුවෙන් මේ වනවිට ලංකා ගමනාගමන මණ්ඩලයට සිදුව ඇති පාඩුව අවම වශයෙන් මිලියන 520 ඉක්මයි.

මේ අතර ලංගම බස් රථවල විෂබීජනාශක දියර සහිත බෝතල් සවි කිරීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සමඟ මේ වනවිටත් සාකච්ඡා පවත්වා ඇති බව එහි සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.

ඒ අනුව දිවයින පුරා ධාවනය වන බස් රථ 4,000 ක් සඳහා විෂබීජනාශක දියර බෝතල් ඉදිරියේදී සවි කිරීමට කටයුතු කරනු ඇත.එමෙන්ම හෙට සහ අනිද්දා බස් ධාවනය කළ යුතු ආකාරය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද පවත්වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top