Nov 17, 2020

ශ්‍රී ලන්කන් සේවකයින් 546ක් විශ්‍රාම ගැන්වීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මුහුණ පා ඇති මුල්‍ය අර්බුදය හේතුවෙන් ස්වේච්ජා විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමයක් යටතේ සේවකයින් 560 දෙනෙකු විශ්‍රාම ගැන්වීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

මෙම සේවකයින් විශ්‍රාම ගැන්වීම සඳහා රුපියල් බිලියන 1.46ක් වැය කිරීමට සිදුවනු ඇති බවයි ඒ පිලිබඳ වූ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරමින් සංචාරක අමාත්‍යවරයා දන්වා ඇත.

ඉදිරි වසර 03ක කාලය තුලදී සමාගමේ මෙහෙයුම් වලට හානියක් නොවන පරිදි යෝජිත ස්වේච්ජා විශ්‍රාම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරිමට නිර්දේශ කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top