Nov 18, 2020

බූස්ස සතොසේ ලක්ෂ 50ක බඩු කොල්ලයක්

බූස්ස සතොස ගබාඩාවෙන් කොළඹ සතොස අලෙවි හල් හතරකට බෙදා හැරීමට ලොරි රථයක පටවාගෙන ගිය ලක්ෂ 50ක් පමණ වටිනා ආහාර ද්‍රව්‍ය තොගයක් වෙන්නප්පුවේ පෞද්ගලික වෙලඳ සැලකට අලෙවි කළ එම රථයේ රියදුරා සහ රිය සහයකයා ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ සතොස අලෙවි සැල් හතරකට බෙදා හැරීම සදහා මේ බඩු තොගය බූස්ස සතොස ගබඩාවෙන් පටවා ඇත්තේ නොවැම්බර් මස 12 වැනිදා වන අතර මේ භාණ්ඩ තොගය බූස්සේ සිට කොළඹට ප්‍රවාහනය කිරීමට ගෙන ඇත්තේ පෞද්ගලික ප්‍රවාහන සමාගමක ලොරි රථයක් බවද වාර්තා වේ.  

අනුරාධපුර පදවිය ප්‍රදේශයේ සැගව සිටියදි අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරුවන් දෙදෙනා ඔවුන් විසින් අලෙවි කරන ලද භාණ්ඩ වලින් කොටසක් හා එම භාණ්ඩ මිලදිගත් පෞද්ගලික වෙලද සල් හිමියාද දංකොටුවේදි අත්අඩංගුවට ගත් බව රත්ගම පොලිසිය සඳහන් කරයි.

ලොරි රථ රයදුරා සහ රිය සහයකයා විසින් අතරමග දමා ගිය ලොරි රථය ඔරුගොඩවත්ත ප්‍රදේශයේ තිබී සොයා ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top