ඒ අනුව සාමාන්‍ය ආනයන බද්දට අමතරව ආනයනය කරන භාණ්ඩ 2,574 සඳහා සෙස් බද්දු අදාළ වන අතර, ඊට අදාළ නියෝග ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස මුදල් අමාත්‍යංශය සහ විෂය භාර වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් පසුගිය 17 වැනිදා රජයේ මුද්‍රණාලාධිපති වෙත දැනුම් දී ඇත.
ඒ අනුව වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් ඒ.ඒ. විමලේන්තිර රාජා විසින් අංක TIP/TO/0186 දරණ 2020 නොවැම්බර් මස 17 වැනි දින එම දැනුම්දීම රජයේ මුද්‍රණාලාධිපති වෙත යවා ඇත.
1979 අංක40 දරණ ශ්‍රී ලංකා අපනයන සංවර්ධණ පණත යටතේ වන ගැසට් නිවේදනය අනුව වෙළඳ අමාත්‍යවරයා විසින් සෙස් බද්ද ක්‍රියාත්මක කිරීමට අදාළ නියෝග 2020 නොවැම්බර් 17 වන දින සිට ක්‍රියාත්මක වන අංක 2202/6 දරණ අති විශේෂ ගැසට් පත්‍රය සකස් කරන ලෙස දැනුම් දී ඇත.
එයට අදාළ 1979 අංක 40 දරණ ශ්‍රී ලංකා අපනයන පණතෙහි 14 වෙනි වගන්තිය යටතේ ඉහත සඳහන් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රිකාව නිකුත් කරන ලෙස නියෝගයට 2020 දෙසැම්බර් 17 වෙනි දින අත්සන් තබා ඇත.
එම ගැසට් නිවේදනයට අදාළ අනුක්‍රමික අංක සඳහන් (HS Cords) ලැයිස්තුව එම නියෝගය සමඟ අමුණා තිබේ.
එම ලැයිස්තුව අනුව සෙස් බද්ද ආනයනික භාණ්ඩ මිලෙන් කිලෝවක් සඳහා හෝ වෙනයම් ඒකකයක් සඳහා 5% - 15% - 30% -35% -45% - 50% යන ප්‍රතිශතයන් යටතේ අය කරන ලෙස ශ්‍රී ලංකා රේගුවට නියෝග කර ඇත.
සමහර භාණ්ඩ සඳහා ප්‍රතිශයක් නොමැතිව ඒකකයක් සඳහා ස්ථාවර සෙස් බද්දක් නියම කර ඇත.
විශේෂ භාණ්ඩ විධිවිධාන පණත යටතේ උදාහරණ ලෙස සීනි, ෆාම් තෙල්, පොල් තෙල්, ටින් මාළු, පරිප්පු, බී ලූනු ආදී ඛාණ්ඩ 26 ක් සඳහා මෙම සෙස් බද්ද අදාළ නොවේ.
ජනවාරි 01 වැනිදා සිට ආනයනික භාණ්ඩ සඳහා මෙම සෙස් බද්ද අයකිරීමෙන් පසු ගැසට් නිවේදනයේ සඳහන් භාණ්ඩ මිල අවම වශයෙන් 20% සිට 50% කින් 60% ඉහළ යනු ඇතැයි වෙළඳපළ ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේදී ලයිස්තුව හැංගුවාද?
මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2021 වර්ෂය සඳහා වූ අය වැය ලේඛණයේ දෙවන කොටසේ රජයේ ආදායම සොයාගන්නා යෝජනා ඉදිරිපත් කළ යුතු වුවත් ආණ්ඩුව ඉතාමත් සූක්ෂම ලෙස වසන් කළ බවට ද මාධ්‍ය විවේචන එල්ලවී තිබේ.
සෙස් බද්ධට අදාළ භාණ්ඩ ලැයිස්තුව මෙතනින්.