Pasidol
Sathosa Ad Final Sinhala
Feb 24, 2017

එයාර්කැප් ගණුදෙනුව හරි ගියානම් ශ්‍රී ලංකන් ට පාඩු!

එයාර්කැප් සමාගම සමග පැවති ගුවන්යානා බද්දට ගැනීමේ ගණුදෙනුව අවලංගු කිරීමට කටයුතු නොකළේ නම් ශ්‍රී ලංකන් ගුවන්සමාගමට ඉදිරි වසර 12ක කාලය පුරාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 205ක අලාභයක් සිදුවීමට ඉඩතිබුණු බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබීර් හෂිම් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ලේක්හවුස් ආයතනයේ ඩේලිනිවුස් පුවත්පත වාර්තා කළ තිබුණේ මෙසේය :

අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබුණේ මේ පිළිබඳව ඔහු ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳවයි.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය හා මුදල් අමාත්‍යංශය අතර ගැටුම් ඇතිකිරීමේ අරමුණෙන් මෙම මාධ්‍ය වාර්තා වලට සමහර අසත්‍ය තොරතුරු එක්කර තිබූ බව ඔහු පවසා සිටියේය.

මෙම ගුවන් යානා මාසිකව ඇමෙරිකානු ඩොලර් 950,000 කට බදුගැනීමට හැකිවූවත්, පසුගිය රජය විසින් මේ සඳහා ගිවිසුම් අත්සන් කර ඇත්තේ මාසිකව ඇමෙරිකානු ඩොලර් 1,425,000ක මුදලකට බව ඇමතිවරයා සඳහන් කර ඇත.

ගිවිසුම අහෝසි වීමත් සමග එයාර්කැප් සමාගම වන්දි වශයෙන් ඩොලර් මිලියන 154ක් ඉල්ලා සිටි නමුත්, මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා එකඟතාවයකට පැමිණීමට ශ්‍රී ලංකන් ගුවන්සමාගමට කැබිනට් මණ්ඩලය අවස්ථාවක් ලබා දී තිබේ.

ඒ අනුව පැවති සාකච්ඡා වලින් වන්දි මුදල ඩොලර් 98ක් දක්වා අඩුකිරීමට එයාර්කැප් සමාගම එකඟවී තිබේ.

සබැඳි පුවත් :
කබීර්ගෙන් මුදල් අමාත්‍යංශයට විරෝධය

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top