හැටන් නැෂනල්, කොමර්ෂල් හා සම්පත් බැංකුවලින් මේ බැංකු අයිරාව ලබාගෙන තිබේ.
බැංකු අයිරාවලින් ලබාගත් මිලියන 1,500 විධායක නොවන සේවකයන්ගේ පාරිතෝෂික ගෙවීමට රුපියල් මිලියන 1000ක් හා විධායක නිළධාරීන්ගේ පාරිතෝෂික ගෙවීමට මිලියන 500ක් වශයෙන් වෙන් කර ඇති බවද පැවසේ.
ටෙලිකොම් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ මෙසේ එම ආයතනය ලාභ ලබන බවට පෙන්වීම අංක රැවටීමක් පමණක් බවයි.
ටෙලිකොම් හි මුදල් සංසරණයක් (Cash flow) නොමැතිව අංකවලින් පමණක් ලාභ පෙන්වීම ඔවුන්ගේ ඉහල නිළධාරීන් වසර ගණනක සිට සිදු කරන බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
එම ආතනය බිලියන 70ක් මේවන විට ණයවී ඇති බවත්, ඉදිරියේදී තවත් බිලියන 20කට වැඩි මුදලක් ණයවීමේ අවදානම් සහිත ගිවිසුම් කිහිපයකට මේවන විට අත්සන් තබා ඇතැයි ද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ. (අදාළ ගිවිසුම් ඉදිරියේදී අප විසින් හෙළිකරනු ලැබේ)
ඒ අතර, ටෙලිකොම් විසින් (බාහිර රෝපන කටයුතු - OSP) චීන සමාගම් කිහිපයක් ඇතුළු විදෙස් සමාගම්වලින් නව සම්බන්ධතා ලබාදීම් හා නඩත්තු කිරීම් වැනි සේවාවන් ලබාදීම වෙනුවෙන් වසරකට ගෙවිය යුතු බිලියන 5කට ආසන්න මුදල වසර 3කට පසුව විලම්බීත (ප්‍රමාද කර ගෙවීම) (deferred payment) ගෙවීම් යටතේ ගිවිසුම්ගතවීම විශේෂිත බව පැවසේ.
මෙම විදෙස් සමාගම්වලින් අදාළ සේවාවන් ලබා ගැනීම සිදු කිරීමට පෙර එම සේවාවන් සපයා ඇත්තේ දේශීය සමාගම් 20කට ආසන්න ප්‍රමාණයක් විසින් වන අතර එම සමාගම් සියල්ල ඉන් ඉවත් කර අදාළ කොන්ත්‍රාත් ටෙලිකොම් විසින් විදෙස් සමාගම්වලට ලබාදී තිබේ.
එම කොන්ත්‍රාත් ලබා දුන් විදෙස් සමාගම්වලට ටෙලිකොම් විසින් ගෙවීම් සිදු කළ යුතු වන්නේ ඩොලර්වලින් වන අතරම එහි පොලිය ද ගණනය කරනු ලබන්නේ ඩොලර්වලින් බව පැවසේ.
ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරියා විසින් පාරිතෝෂික ගෙවීම සඳහා නිකුත් කරන ලද චක්‍රලේඛය පහත දැක්වේ.
සබැඳි පුවත්
ටෙලිකොම් ලොක්කෝ රේලුවේ යකඩ කණු නාඩාර්ලාට විකුණන්න යයි!