මෙම ක්‍රියාමාර්ගත්, අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම අඛණ්ඩව පවත්වා ගැනීමත් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළදී විනිමය අනුපාතිකය 2020 නොවැම්බර් මස නිරීක්ෂණය කළ ඇ.ඩොලරයට සාපේක්ෂව රුපියල 185ට වඩා අඩු මට්ටමකට අතිප්‍රමාණය වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරය.
මේ අතර නිල සංචිත ප්‍රමාණවත් මට්ටමක පවතින බවද දැනට දළ නිල සංචිත ඇ.ඩො.බිලියන 5.6ක් බවද ඔවුන් සඳහන් කරයි.
සංචිත ම්ට්ටම ඉහළ නැංවීම සඳහා මහ බැංකුවේ දේශීය හා විදේශීය හවුල්කරුවන් සමග පවත්වන සාකච්ඡාද සාර්ථකව අවසාන අදියරකට පැමිණෙමින් ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.