දේශීය නිමි ඇඳුම් කර්මාන්තය ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව ඒ මහතා සඳහන් කරයි.
රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
"අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳලා ලංකාවට පිටරටින් ගේන නිමි ඇඳුම් සඳහා අපි විශේෂ බද්දක් හඳුන්වා දෙන්න බලාපොරොත්තුවෙනවා. ඒකෙන් අදහස් කරන්නේ දේශීය නිමි ඇඳුම් ව්‍යාපාරිකයන් ආරක්ෂා කරගැනීම. තත්ත්වයෙන් බාල නිමි ඇඳුම් ලංකාවට ගෙනඒම සම්පූර්ණයෙන් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරගෙන යනවා. රුපියල් 200 මිල රුපියල් 450 දක්වා විතර වැඩි වෙන බදු ක්‍රමයක් තමයි බලාපොරොත්තු වෙන්නේ."