මේ සම්බන්ධයෙන් මූල්‍ය වෙළඳපොලේ එක් වෙළෙන්දෙකු පවසා තිබුණේ රුපියල පහත වැටීම වැළැක්වීම සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා බවට මහබැංකුව ප්‍රකාශකර ඇති බැවින්, ඩොලර් ඉල්ලුම අඩු කර රුපියල අවප්‍රමාණය වීම අඩු කිරීමට ඩොලර් වෙළඳපොළට මුදා හැරීමේ හැකියාවක් ඇති බවයි.
මේ අතර, බැංකුවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවෙමින් ණයලිපි (LC) විවෘත කිරීම මන්දගාමීව සිදුකර ඩොලර් මත පීඩනය අඩු කරන ලෙස මහබැංකුව ඉල්ලා ඇති බවත් පැවසේ.
විශේෂයෙන් මෙම වසරේදී වාහන සහ අත්‍යවශ්‍ය නොවන ආනයන ඇතුළු ආනායන භාණ්ඩ සීමා කිරීම හේතුවෙන් විදෙස් මුදල් සඳහා ඇති ඉල්ලුම අඩුකරමින් වසරේ වැඩි කාලයක් පුරාවට ඩොලරය රු. 185 මට්ටමේ පැවැතුණි.
සඳුදා දිනය පෝය දිනයක් වීමත් සමග 2020දී තුළ නිවාඩු නොවන දිනයන් තව ඉතිරිව ඇත්තේ තුනක් පමණි. එබැවින් දෙසැම්බර් 31 වන විට රුපියට අධිප්‍රමාණය කිරීම සඳහා මහ බැංකුවට ආක්‍රමණශීලීව වෙළඳපොලට ඩොලර් නිදහස් කිරීමට සිදුවනු ඇතැයි වෙළඳුන් පවසයි.
ඉදිරි දිනවලදී ඩොලරයේ පවතින අගයේ (රු. 192.50) වෙනසක් සිදුනොවුනහොත් එය පසුගිය වසරේ සිට රු. 10කින් වැඩිවී ඇති බවට සටහන් වනු ඇත. 2019 අගදී ඩොලරයට එරෙහිව රුපියලේ අගය පැවතියේ රු. 181.93ක් ලෙසයි.
(මූලාශ්‍රය : සන්ඩේ ටයිම්ස්)
සබැඳි පුවත්
රුපියල සැලැකියයුතු ලෙස බාල්දු වෙයි !