මේ පිළිබඳව අද (28) වෙළඳ අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇත.
මේ අනුව ලක් සතොස ආයතනයේ නව සභාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාද, සතොස ලොරි සහ ගබඩාවන් (CWE) ක්‍රියාත්මක ආයතනයේ සභාපතිවරයා ලෙස වෙනුර ගුණවර්ධන මහතා පත්කර ඇති බව වාර්තා වේ.
මේ අතර, මෙම ආයතන ද්විත්වයේ හිටපු සභාපති ලෙස කටයුතු කළ නුෂාඩ් පෙරේරා මහතා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.
පසුගිය සතියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පෙර්රා මහතා පවසා තිබුණේ තමාව සිය ධූර වලින් ඉවත් කර ඇති බවට පැතිර යන වාර්තා අසත්‍ය බවත්, ඔහු එම ධූර වලින් ඉල්ලා අස්වූ බවත්ය.
කුප්‍රකට ජාවාරම්කාර සමාගමක් සමග එක්වී සිනී ජාවාරමෙන් රජයට රුපියල් කෝටි ගණනක් අලාභයක් සිදුකළ බවට පසුගිය දිනවල දී ඔහුට චෝදනා එල්ලවී තිබුණි.
මේ බදු වංචාව සම්බන්ඡයෙන් ජවිපේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සම්පූර්ණ හෙළිදරව්වක් කළේය.
ඔහු කළ හෙළිදරව්ව පහත දැක්වේ.
සබැඳි පුවත් :
සීනි ජාවාරම නිසා සතොස සභාපති ධූරයෙන් ඉවත් කරයි !