Dec 31, 2020

ඩිජිටල් හැඳුනුම්පත් කමිටු ලොක්කා ලලිත්ටම ICTA එකත් බාරදෙයි ! Featured

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) නව සභාපතිවරයා ලෙස එම ආයතනයේ සාමාජිකයකුව සිටි මහාචාර්ය ලලිත් ගමගේ මහතා පත්කර තිබේ.

මෑතකදී පිහිටුවන ලද තාක්ෂණ අමාත්‍යාංශයට එහි සිටි සභාපතිවරයා වන    ජයන්ත ද සිල්වා මහතා පත් කිරීමෙන් එම ධූරය හිස්ව තිබිණි.

මහාචාර්ය ගමගේ මහතා තම ජනවාරි 01 වැනිදා සිට නව තනතුරෙහි කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

මහාචාර්ය ගමගේ මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු උපාධිධාරියෙකු වන අතර කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා ගෙන එහි අනුබද්ධ මහාචාර්යවරයකු සේද සේවය කරයි. 

ඔහු ශ්‍රී ලංකාවේ අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ තාක්ෂණික කමිටුවේ සභාපතිවරයා ලෙස ද මේවන විට කටයුතු කරයි.

පුවත් කෙටියෙන්

ඩිජිටල් ID දෙන්න බිලියන 10ක් වෙන්කරයි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top