ජොං ෂන්ෂන් නම් මොහු ගේ ව්‍යාපාර අතර කොවිඩ් එන්නතක් නිපදවන Beijing Wantai Biological සමාගම හා Nongfu Spring ජලබෝතල් සමාගම අයත් වේ.
ඔහු 2020 අප්‍රේල් වලදී චීන කොටස් වෙළඳපොලේද Beijing Wantai Biological කොටස් ලැයිස්තුගත කළ අතර, ඉන් මාස තුනකට පසුව Nongfu Spring හි කොටස් හොංකොං කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කළේය.
මේ වන විට ඔහුගේ ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 7කින් වැඩිවී ඇති අතර, Beijing Wantai Biological හා Nongfu Spring සමාගම් වල කොටස් අගය පිළිවෙළින් 2,000%කින් හා 155%කින් වැඩිවී ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.
බ්ලූම්බර්ග් ප්රකෝටිපතියන් ගේ ලැයිස්තුවට අනුව ඔහු ලොව 11වැනි ධනවත්ම පුද්ගලයා ද වේ.
ඒ, ඔහු චීනයේ අලිබාබා සමාගමේ අයිතිකරු වන ජැක් මා මෙන්ම මීට කලින් ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකුනු ඉන්දියාවේ මුකේෂ් අම්බානිද අභිබවා යමිනි.