Jan 02, 2021

Adobe Flash Player නැවතෙයි Featured

අන්තර්ජාලයේ මුල් අවධියේදී සජීවිකරණ සහ අන්තර්ක්‍රියාකාරිත්වය ගෙන ආ ජනප්‍රිය browser plug in මෘදුකාංගයක් වූ Adobe Flash Player නිල වශයෙන් නවතා දමා තිබේ.

1996දී මුලින්ම එළිදැක්වුණු මෙය, Adobe Flash ලෙස බොහෝදෙනා අතර ජනප්‍රිය වූ අතර, වීඩියෝ ස්ට්‍රීම් කිරීමට මෙන්ම අන්තර්ජාල පරිගණක ක්‍රීඩා සඳහා ද අවශ්‍යම උපාංගයක් විය.

කෙසේවුවත්, ආරක්ෂක ගැටළු රැසක් පැවති මෙය, ස්මාර්ට්ෆෝන් යුගයට අනුගත වීමට අපොහොසත් විය.

තවදුරටත් මේ සඳහා ආරක්ෂක යාවත්කාලීනයන් ලබා නොදෙන බව පැවසූ ඇඩෝබි සමාගම මෙම මෘදුංකාංගය ඉවත්කරගන්නා මෙන් (uninstall) සිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

තවද, ජනවාරි 12දා සිට Adobe Flash Player තුළ ඇති වීඩියෝ හා සජීවීකරණයන් ද නවතන බවද එම සමාගම වැඩිදුරටත් කියා සිටියි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top