2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කිරීම සම්බන්ධයෙන් මූල්‍ය බුද්ධි අංශය විසින් මේ දඩය පනවා තිබේ.
ඒ අනුව ඉකුත් වසරේ ජූනි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා කාලය වෙනුවෙන් රුපියල් මිලියන 2.3ක දඩ මුදලක් සියපත ෆිනෑන්ස් පී.එල්.සී, සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පී.එල්.සී හා රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් වෙත ගෙවන ලෙස මූල්‍ය බුද්ධි අංශය නියම කර තිබේ.
මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතන වෙත පනවනු ලෑබූ දණ්ඩන, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් මෙරට අනුකූලතා මට්ටම වැඩිදියුණු කිරීමේ අරමුණින් ප්‍රසිද්ධ කිරීමට ද ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය තීරණය කිරීම විශේෂ සිද්ධියකි.
එම දඩය සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පී.එල්.සී හා සියපත ෆිනෑන්ස් පී.එල්.සී සමාගම් සඳහා රුපියල් මිලියනය බැගින් පනවා තිබේ.
රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් වෙත පනවා ඇති දඩ මුදල රුපියල් ලක්ෂ 3කි.
සියපත ෆිනෑන්ස් පී.එල්.සී. හි සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ පී.සුමිත් කුමාරතුංග මහතා වන අතර ඇරොන් රසල්-ඩේවිසන් සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පී.එල්.සී හි සභාපති ලෙස කටයුතු කරනු ලබයි.
ජෝසප් ෆීලික්ස් ප්‍රනාන්දු පුල්ලේ මහතා රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් හි සභාපතිවරයාය.
සියපත ෆිනෑන්ස් සමාගම සම්පත් බැංකු සමූහයේ ආයතනයකි.
මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනය පහත දැක්වේ.