වෙළඳ පොලේ විකුණන භාණ්ඩයක් පාරිභෝගිකයා නොමග යවන ආකාරයෙන් එහි නැති ගුණයක් සඳහන් කරමින් පාරිභෝගිකයාට හඳුන්වාදීම දඬුවම් ලැබිය යුතු වරදක් බවද එහි දක්වා තිබේ.
එවැනි අවස්ථා වැලැක්වීමට ප්‍රමිති ආයතනය නීතියෙන් බැඳී සිටින බවද විනිවිද පෙරමුණ සිය ලිපියෙන් කියා සිටී.
මැලිබන් බිස්කට් සමාගම අදාළ වරද නොකරන බවට ප්‍රමිති ආයතනයට පොරොන්දු වී තිබියදී දිගින් දිගටම එම වරද සිදුකරමින් සිටින බවට ද චෝදනා කරන විනිවිද පෙරමුණ ව්‍යාජ දැන්වීම් සහිතව අලෙවියට තබා ඇති ලෙමන් පෆ් බිස්කට් තොග දින 7ක් තුළ ඉවත් නොකළ හොත් පාරිභෝගික අයිතිය බල ගන්වමින් රිට් ආඥාවක් ලබා ගැනීමට කටයුතු කරන බව ද කියා සිටී.
එසේම ලබන 18 වැනිදාට පෙර පිළිගත් විද්‍යුත් නාලිකා සියල්ලෙම ප්‍රසිද්ධ දැන්වීමක් පලකර පාරිභොගිකයා දැනුවත් කරන ලෙසද මැලිබන් සමාගමට විනිවිද පෙරමුණ කියයි.
මැලිබන් බිස්කට් එකේ මාස්ක් කෑල්ලටත් පාරිභෝගික අධිකාරිය ගොළුයි
මැලිබන් මිල්ක් ෂෝර්ට්කේක් බිස්කට් පැකට්ටුවක් තුළ වූ බිස්කට්ටුවක තිබී මාස්ක් හෝ ගෝස් (gauze) කැබැල්ලක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් කර මේවන විට මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු විධිමත් පරීක්ෂණයක් සිදුකර නැතැයි ද මේ අතර වාර්තා වේ.
අදාළ බිස්කට් පැකට්ටුව මිලදී ගත් අයට මැලිබන් බිස්කට් මැනිෆැක්චරීස් පුද්ගලික සමාගමේ ( Maliban Biscuit Manufactories (Pvt) Limited ) නිලධාරීන් පිරිසක් පැමිණ එම බිස්කට් පැකට්ටුව නැවත ලබාගනිමින් බිස්කට් පාර්සලක් ලබාදීමට මුලින්ම උත්සාහ කර පසුව රුපියල් 15,000/- ක මුදලක් ලබා දී එය වසා ගැනීමට එම ආයතනය උත්සාහ කළ බවද මීට පෙර මාධ්‍ය හෙළිකර තිබිණි.
මැලිබන් බිස්කට් සමාගම 1954 වසරේදී බිස්කට් නිෂ්පාදනය ආරම්භ කරන ලද සමාගමකි.
බිස්කට්වලට අමතරව එම සමාගම තේ, කිරිපිටි හා පෝෂණ අතිරේකයක්ද නිෂ්පාදනය කරනු ලබයි.
එම සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ රත්නපාල සමරවීර මහතාය.
මැලිබන් බිස්කට් අධ්යක්ෂ මණ්ඩලය...
කුමුදිකා පුනාන්දු එහි ප්‍රධාන විධායක නිලධාරිණිය ලෙස කටයුතු කරන අතර, තරංගිත සමරවීර හා ශානක වික්රමපාල යන මහත්වරුන් එහි අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කරනු ලබයි.
පාරිභෝගික අධිකාරියේ සභාපති හදිස්සි වැඩක
මේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට අප පාරිභෝගික අධිකාරියේ සභාපති විශාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගෙන් දුරකථනය ඔස්සේ විමසා සිටි අතර ඔහු හදිස්සි වැඩක සිටින බැවින් පසුව පිළිතුරු ලබාදෙන බව කියා සිටියේය.
සබැඳි පුවත්
මැලිබන් බිස්කට් එකක ගෝස් කෑල්ලක් (ඡායා)
මැලිබන් බිස්කට්වල ගෝස්ද? මාස්ක්ද? - පහලොස් දහසට වැඩේ ෂේප්ද?
මාස් කෑලි සහිත මැලිබන් බිස්කට්එක එන සතියේ සිට රටවටේ ප්‍රදර්ශනයට